රෝග පීඩා දූරු වී යහපත උදා වීමට නම්....

 

ඔබටත්  ඔබේ පවුලේ ආදරණීයන් සැමටත්  නිදුක්  නීරෝගී  සුවය  සහ  සහනය සතුට  පිරි යහපත පහසුවෙන්ම  ලඟා කර ගැනීමට    කළ හැකි  දෙයක්   වේ නම්  එවැන්නක්  කිරීමට  ඔබත්  කැමති  ඇති. අනන්ත අපරිමිත බුදු ගුණයේ බලයෙන්  බොහෝ  යහපත  සැලසී  ඔබේ එදිනෙදා කටයුතු   තව තවත්  සාර්ථක  කර ගැනීමට   හැකියාව  ලැබෙනා මේ ඉතා පහසු  අත්දුටු  ශාන්තිය  ඔබ සහ   ඔබේ ආදරණීයන්    වෙනුවෙන්  බැති සිතින්  කරන්න. 


   ඔබේ නිවසේ  බුදුන්  උදෙසා  පහනක්  දල්වා  උදේ සවස පන්සිල්  හි පිහිටා  තෙරුවන් නැමද  දෙවියන්ට    පින්  අනුමෝදන්  කරන්න. ඉන් පසු බුදු   පහනට  දෑත් තබා  මේ ගාථාව   තුන් වරක්  හෝ ඊට වැඩි   වාර ගණනක්  මෙනෙහි  කොට  ලෙඩ  රෝග පීඩාදිය   සියල්ල  දුරු   වේවා! සුවය සහනය යහපත   සැලසේවා!!! යැයි ප්‍රාර්ථනා කිරීමෙන්   ඒ   අපේෂාව ඉතා ඉක්මනින්  ඉටුවේ.     

 "බුද්ධේච    ධම්මේච සංඝේච රාජං 
සග්ගේච  කාමේච  රූපේනි  රූපං
වාතේච  පිත්තේච  කපේති  දෝසං 
යක්ඛේච   භූතේච  භයං  විනාසං"

නදීෂා දිලානි-

Comments

Popular posts from this blog

රුව හැඩ කරන කොමඩු...

බඩේ අජීර්ණයක් ආවොත්....